වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය වන සියලූම සංචාරක නිවාස සහ කඳවුරු බිම් ආශ්රිතව සංචාරක කටයුතු අද (02) සිට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.
වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, අදාළ ස්ථානවල පහසුකම් වෙන් කරගත් සංචාරකයින් සඳහා විකල්ප දිනයන් වෙන්කර දීම පිළිබඳව ඉදිරියේ දී දැනුම්දීමට කටයුතු කරන බවයි.
කොවිඩ් වසංගත තත්ත්වය නැවත රට තුළ ක්රියාත්මක වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව වනජීවි අධ්යක්ෂ ජනරාල් ජී.සී.සූරියබණ්ඩාර මහතා සඳහන් කළේය.