සංචාරක කර්මාන්තය නැංවිමට සදහා ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර එකාබද්ධ වැඩපිළිවෙලක් ඉදිරි කාලයේදි ක්‍රියාත්මක කිරිමට මාලදිවයින ශ්‍රී ලංකා තානාපති ඕමර් අබ්දුල් රසාක් මහතා සහ කාර්මික අපනය ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අතර පැවති සාකච්ඡාවේදි එකඟතාවය පල වි තිබේ.
මෙම සාකච්ඡාව ඊයේ (30) කොළඹ පිහිටි කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍යංශයේදි පැවැත්විණි.
ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ට නැරඹිම සදහා ස්ථාන ඇති බැවින් එකාබද්ධ වැඩ පිළිවෙලක් හරහා ශ්‍රී ලංකාවට විදේශ සංචාරකයින් ගෙන්වා ගැනීමටත් මෙරට සංචාරය කිරීමෙන් පසු ඔවුන් මාලදිවයිනට යොමු කර විවේකීව එහි ගත කිරීමට අවස්ථාව ලබා දීමටත් හැකියාව ඇති බව මාලදිවයින තානාපතිවරයා රණතුංග මහතාට යොජනා කළේය.
මාලදිවයින සංචාරකයින්ට නැරඹිමට ස්ථාන අඩු බවත් එරටට පැමිණෙන සංචාරකයින් පැමිණෙන්නේ නිදහසේ විවේකීව සිටිමට බවත් තානාපතිවරයා පැවසීය.
අමාත්‍යවරයා පවසා සිටියේ එය හොඳ යෝජනාවක් බවත් සංචාරක අංශයේ ප්‍රධානීන් සමඟද සාකච්ඡා කර එම ඒකාබද්ධ වැඩපිළිවෙල සකස් කළ හැකි බව ඇමතිවරයා මෙහිදි පෙන්වා දුන්නේය.
ජනවාරි 28, 29,30,31, දින වල මාලදිවයින් විදේශ කටයුතු ඇමතිවරයා මෙරටට පැමිණෙන බැවින් එහිදි මේ සම්බන්ධයෙන් ඉදිරි සාකච්ඡාවක් සිදු කිරීමටත් මෙහිදි දෙපාර්ශවයම එකඟතාවය පළ කළේය.
සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ලේකම් මරීනා මොහොමඩ් කාර්මික අපනයන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශ ලේකම් මාපා පතිරණ යන මහත්වරුන්ද මෙම සාකච්ඡාවට එක්වූහ.