කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වූ ඇඹුසැමි යුවලක් කොස්වත්ත පොතුඅටවන ප්‍රදේශයේදී සැගව සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, සෞඛ්‍ය නිලධාරීන් විසින් ලබාදුන් තොරතුරක් මත කොස්වත්ත පොලීසිය සිදුකළ වැටලීමකදීයි.
හැඳල, වත්තල ප්‍රදේශයේ පදිංචි එම අඹුසැමි යුවල තමන්ට කොරෝනා ආසාදිත බවට තහවුරු වීමෙන් පසුව සිය නිවසින් පළාගොස් කොස්වත්ත ප්‍රදේශයේ නිවසක සැගව සිටියේය.
එහිදී අත්අඩංගුවට ගැනුණු පිරිමි පුද්ගලයා දන්කොටුව රෝහල වෙතටත්, ඔහුගේ බිරිඳ මාරවිල රෝහලටත් ඇතුළත් කෙරුණු බවයි පොලීසිය පැවසුවේ.