ඊයේ දිනයේදී එන්නත්කරණ වැඩපිළිවෙලේදී ජනතාවට එන්නත් පන්ලක්ෂ පහළොස්දහස් අටසිය විසි දෙකක් (515822) ලබා දී තිබෙනවා. එය මේ දක්වා දිනකදී ලබා දුන් වැඩිම එන්නත් ප්‍රමාණය බවත්, එ් අනුව ලෝකයේ තිබෙන දත්ත අනුව සීඝ්රයෙන් එන්නත්කරණය සිදුකරන රටවල් අතරින් ශ්‍රී ලංකාව පළවන තැනට පත්ව ඇති බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරයි. විශේෂයෙන් මේ පිළිබඳව සෞඛ්‍ය ක්ෂේත්රයේ කාර්ය මණ්ඩලයත්, ත්‍රිවිධ හමුදාවේ නිලධාරීනුත් විශාල කර්තව්‍යයක් සිදු කරනවා.එමෙන්ම මියගිය අයගෙන් 60% ක් කිසිම එන්නතක් ලබා නොගත් අයවලුන් බව පෙනීගොස් ඇති බවත් විශේෂයෙන් වැඩිහිටි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් මෙම එන්නත ලබාගන්නා ලෙස මම ඉල්ලා සිටිනවා. අපට අවශ්‍ය ජනතාව මරණයෙන් බේරාගැනීමටයි.....”