Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනයේ ශාඛාවක් අරලිය ගහ මන්දිරයේ නොපවතින්නේ නම් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව අමාත්‍ය සාගල රත්නායක මහතා අභියෝග කළේය.
අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කළේ ලංකාවේ ඉඩම් සම්බන්ධයෙන් කටයුතු කිරීමට ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනයේ කාර්යාලයක් අරලිය ගහ මන්දිරියේ ස්ථාපිත කර ඇති බවයි.
කෙසේ වෙතත් එවැනි ආයතනයක් අරලිය ගහ මන්දිරයේ නොමැති බව සාගල රත්නායක මහතා සඳහන් කළේය. එයට පිළිතුරු දුන් විමල් වීරවංශ මහතා සඳහන් කළේ කාර්යාලයක් ඇති බවට තමන්ට ඔප්පු කර පෙන්විය හැකි බවයි.
නැවතත් සාගල රත්නායක මහතා සඳහන් කළේ එවැනි කාර්යාලයක් නොමැතිනම් විමල් වීරවංශ ඉල්ලා අස්විය යුතු බවයි.
popular news
chathuri Monday, 18 March 2019 05:12 PM
විමල්ට පුලුවන්නම් නැවත. පාසල් යන්න පුළුවන් මුල. ඉඳල ඇමරිකාවේ , වයස. බේදයක්. නැහැ සියලුම විබාගයන්ට. මුණ. දෙන්න. පුළුවන් ,ලජ්ජා. වෙන්න. උවමන නැහැ ඔහුගේ කීම. වැරදිනම් , රටේ වගකීම්. දරන්න කලින් අද්යාපනය. දෙන්න. වයස අඩුවෙන්. දමල පාස්පෝට් හද ගන්නේ නැතිව. අද්යාපන. සහතික. ටික. හදා ගන්න. තිබුන
Reply : 1 0
Champa Monday, 18 March 2019 06:09 PM
පහුගිය දවස්වල අරලිය ගහ මන්දිරේ FCID එකේ මෙහෙයුම් මැදිරිය පිහිටුවලා තිබුන. දැන් වහල මයෙ හිතේ. තව නඩු කාරයන්ට නියෝග දෙන office එකකුත් තිබුන. මගුල් වලට කුලියට දෙන මංගල ශාලාවක් විදිහටත් පවත්වා ගෙන ගියා. ඊට පස්සේ යාග හෝම කරන දේවාලයක් බවට පත් වෙලා තිබුන. ඒ එක්කම නවාතැන් පොලක් විදිහටත් පවත්වා ගෙන ගියා. ඔය ඔක්කොම තියෙන්න පුළුවන් නම් MCC Office එක ඔතන තියෙන්න බැරිද?
Reply : 0 1
Champa Tuesday, 19 March 2019 02:18 PM
සාගල කතා කරන්න ඕනේ විමල් හෙළිදරව් කල වැදගත් කාරණය, ඒ කියන්නේ ත්‍රිකුණාමලේ ඉඳන් කොළොඹ වරාය දක්වා ඇමරිකාවට දෙන අක්කර මිලියන් 1.2 හෙවත් හෙක්ටයාර් 485,622.77 ක මහා ඉඩම් වපසරිය ගැන. අරලිය ගහ මන්දිරේ තියෙන MCC Office එක නෙමෙයි මෙතන අදාළ කාරණය. වහල් ආණ්ඩුව රටට හොරෙන් මහා ඉඩම් මංකොල්ලයක් කරනවා. අක්කර ලක්ෂ 12ක් කියන්නේ සුළුපටු ඉඩම් ප්‍රමාණයක්ද? තොපි මේ රට පර දේශක්කාරයන්ට විකුණන්නේ අම්ම අප්පාගේ බූදලේ කියලද හිතලද? විමල් ඒ සම්බන්ධ ලියකියවිලි ඔක්කොම පෙන්නුවා. විමල්ගේ කතාවේ ඒ ටික මාධ්‍ය දාන්නේ නැහැ. ඒ මොකොද වහල් ආණ්ඩුවට කඩේ යන නිසා. විමල්ගේ කතාව එළියේ වේදිකාවක කරලා මේ ගැන මිනිස්සුන්ට කියන්න. අක්කර ලක්ෂ 12 ක වෙනම රටක් හදල දෙනවා ඇමරිකාවට. ඒකෙ බල පවත්තන්නේ ඇමරිකන් නීතිය කියලා අමතුවෙන් කියන්න ඕනේ නැහැ. මේ තමයි ලංකාවේ උතුරට පස්සේ තියෙන හොඳ හරිය. මේ දවස්වල ඔක්කොම digital කරනවා කියල ඉඩම් ඔප්පු එක දවසෙන් දෙන්නේ මේ පළාත් වල තියෙන පෞද්ගලික ඉඩම් ටික ඇමරිකාවට විකුණවන්න. හෙණ ගහනව මේ කරන දේවලට. මේවා දුන්නොත් ආයේ ගන්න බැහැ කියන එක දෙකේ පන්තියේ ළමයිත් දන්නවා. හොඳින් හරි නරකින් හරි මේක නවත්තන්න ඕනේ.
Reply : 0 0
rocky Tuesday, 19 March 2019 06:17 AM
කලබල වෙන්න එපා මහත්තයෝ, වීමල වීරවංස උන්නැහේ කියන මොන දෙයක් වත් මිනිස්සු විස්වාස කරන්නේ නැහැ. මිනිහා උපන් දා ඉඳලාම බොරු කියපු, බොරුවෙන්ම ජීවත්වුණ බොරුකාර හොර තක්කඩි අවස්තාවාදියෙක් බව කවුරුත් දන්නවා. අඩු ගන්නේ , බේතට ගන්න තරම් ඇත්තක් වත් කවදාවත්ම කියලා නැතුව ඇති.
Reply : 2 0
Champa Tuesday, 19 March 2019 02:36 PM
වහල් ආණ්ඩුව රටේ ඉඩම් අක්කර ලක්ෂ 12ක් ඇමරිකාවට විකුණන්න යනව. හාමුදුරුවරු, ජනතාව මේවා දැන ගන්න ඕනේ. විමල්ගේ පාර්ලිමේන්තු කතාව බලන්න. රටට ආදරේ හැම සිංහලයෙක්ම රනිල්ගේ ඉඩම් පනතට විරුද්ධව නැගී හිටින්න ඕනේ. ඉස්සෙල්ල ගෙනාපු පනතකින් ඉඩම් විදේශිකයන්ට විකුණන්න අවසරය ගත්ත. හාමුදුරුවරුන්ට, රටේ ජනතාවට, විපක්ෂයට විතරක් නෙමෙයි, කථානායකතුමාට සහ යූඑන්පී ආණ්ඩුවේ අනිත් මැති ඇමතිවරුන්ටත් එක්කයි මේ කියන්නේ. කොන්ද පණ තියෙනවා නම් ත්‍රිකුණාමලේ ඉඳන් කොළොඹ දක්වා ඉඩම් අක්කර ලක්ෂ 12ක් ඇමරිකාවට විකුණන්න රනිල් ගහල තියෙන මේ ගිවිසුමට විරුද්ධ වෙන්න. 2017 නොවැම්බර් රනිල් 2/3 දෙකේ චන්දෙන් ෆෙඩරල් ගිවිසුමේ අරටුව වුනු කමිටු වාර්තා 3 සම්මත කරගන්න හදපු එක බැරි වුනේ විමල් වීරවංශ සහ හාමුදුරුවරුද ඇතුළුව මුළු රටම ඊට විරුද්ධව නැගී හිටපු හින්ද. ඒක සම්මත වුනොත් පහු වෙනිදට පාර්ලිමේන්තුව උඩට බෝම්බයක් වැටිලා ඒක සමතලා වෙන්න ඕනේ කියල විමල් කියපු කතාව ගම් දනව් පුරා පැතිරිච්ච හින්ද තමයි මිනිස්සු දැන ගත්තේ. මේකත් ඒ වගේ. එදා රනිල් උතුර දෙන්න හැදුව බෙදුම්වාදීන්ට. අද නැගෙනහිර ඉඳන් කොළොඹ දක්වා ඉඩම් අක්කර ලක්ෂ 12ක තීරුවක් දෙන්න යනවා ඇමරිකාවට. ර
Reply : 0 0
Champa Tuesday, 19 March 2019 07:10 PM
රටේ ඉඩම් වල විස්තර ඇමරිකාවට දීල ඔවුන්ට අවශ්‍ය ඉඩම් ටික තෝරා ගන්න ලේසි වෙන්නයි රනිල් ඇමරිකාවට ලංකාවේ ඉඩම් මනින කොන්ත්‍රාත්තුව දෙන්නේ. මේ වගේම දේශද්‍රෝහී වැඩක් කළා නොර්වේ රටට ලංකාව වටේ මාස ගානක් ගිහින් ගිහින් සියලු දත්ත එක්රැස් කරන්න ඉඩ දීල. නොර්වේ එකතු කර ගත්තේ මසුන් ගැන විතරක් දත්ත නෙමෙයි. ඒ කලෙත් තනිකරම මුග්ධ වැඩක්. කිසිම රටක් තමන්ගේ රටේ සංවේදී දත්ත පිටරටවලට දැන ගන්න ඉඩ තියන්නේ නැහැ. මම දවසක් එක රටක ආහාර නිෂ්පාදන දත්ත ගැන හෙව්වා. හැබැයි "මුළු ආහාර නිෂ්පාදනය" කියන තැන කියල තියෙනව "undisclosed amount" කියලා, ඒ කියන්නේ ආහාර නිෂ්පාදනය වගේ සාමන්‍ය දෙයකවත් දත්ත පිටට දෙන්නේ නැහැ. වහල් ආණ්ඩුව රටේ ඉඩම් වගේ ඉතා වැදගත් දත්ත පිටරටවලට දෙනවා. මේ සම්පූරණ ක්‍රියා දාමයටම විරුද්ධව ජනතාව නැගී හිටින්න ඕනේ. හර්තාල් කරලා හරි මේක නවත්තන්න ඕනේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd