ලෝක උරුම සීගිරියේ පිහිටා ඇති සීගිරි බිතු සිතුවම් සහ කැටපත් පවුරේ ඇති කුරුටු ගීත නව තාක්ෂණය යොදාගෙන ලේසර් කිරණ මගින් ත්‍රිමාණ ප්රතිරූපකරණ පිටපත්කරණය කිරීමේ වැඩපිළිවෙළක් මේ දිනවල ආරම්භ කර ඇතැයි මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කරයි.
ජර්මනියේ පිහිටි 'Bamberg' විශ්වවිද්‍යාලය, මධ්‍යම සංස්කෘතික අරමුදල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හාකැලණිය විශ්වවිද්‍යාලය එක්ව මෙම ක්‍රියාවලිය සිදුකරන බව ඊයේ (14දා) මාධ්‍ය හමුවක් පවත්වමින් මධ්‍යම සංස්කෘතික අරමුදල මේ බව පැවසීය.
බිතු සිතුවම් සහ කුරුටු ගීත මෙම ලේසර් තාක්ෂණය යොදාගෙන පිටපත් කිරීම සිදුකෙරෙන බැවින් ජනතාව දැනුවත් කරමින් එය සිදුකිරීමට තීරණය කළ බව මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කරයි.
විෂයභාර අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන, කැලණිය විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය බී.ඩී. නන්දදේව, ජර්මනියේ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකු වූ මෙම ත්‍රිමාණ සිදු කරන විශේෂඥ ආචාර්ය max rahrig යන මහත්වරු මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියහ.
ලෝකයේ විවිධ ස්ථාන මෙන්ම ශ්‍රී ලංකාවේ දළදා මාලිගාවේද මේයාකාරයෙන් ත්‍රිමාණ ලේසර් කිරණ මගින් ප්රතිරූපණය කළ බවත්, එහිදී බිතුසිතුවම්වලට කිසිදු හානියක් සිදු නොවන ආකාරයෙන් කටයුතු කරන බවත් මහාචාර්ය නන්දදේව මහතා පැවසීය.
මෙම ලේසර් කිරණ මගින් බිතුසිතුවම්වල සහ කැටපත් පවුරේ ඇති සියලු ස්ථාන ත්‍රිමාණ රූප ආකාරයෙන් පිටපත් කිරීම සිදුකෙරෙන බවත්, එහිදී ගලේ සිදුවන විනාශකාරී දේ හා වෙනස්වීම් අනාවරණය කර ගැනීමටත්, ඉදිරියේදී යම්කිසි හානියක් සිදුවේ නම් එය හඳුනා ගැනීමත් මෙමගින් සිදු වන බව හෙතෙම සඳහන් කළේය.
කැටපත් පවුරේ මෙම ලේසර් කිරණ මගින් ලබාගන්නා ප්රතිරූපකරණයේදී ඇතැම්විට කියවා ගැනීමට නොහැකි සියුම් ස්ථානවල ඇති කුරුටු ගීත පවා කියවා ගැනීමට උපකාරී වනු ඇතැයිද හෙතෙම පැවසීය.
එමෙන්ම මෙහිදී ලබාගන්නා සජීවී පිටපත් සීගිරි පව්වට නැගීමට නොහැකි ආබාධිත අය වෙනුවෙන් ප්‍රදර්ශනය කිරීමට හැකිවනු ඇතැයිද මහාචාර්යවරයා පවසා සිටියේය.
මෙම ත්‍රිමාණ ලේසර් කිරණ මගින් බිතුසිතුවම්වලට කිසිදු හානියක් සිදු නොවන ආකාරයකින් ජර්මන් තාක්ෂණය යොදාගෙන සිදු කරන බවද හෙතෙම පැවසීය. විශේෂයෙන් රහසිගතව මේවා සිදු නොකොට ජනමාධ්‍යයට දැනුම් දීමෙන් සිදු කරනු ලබන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙහිදී අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසා සිටියේ සීගිරියේ පමණක් නොව ආරක්ෂා විය යුතු ස්ථාන, ලෙන් චිත්රආදිය ආරක්ෂා කිරීම සඳහා මෙම ක්‍රියාමාර්ග ගන්නා බවයි.
එමෙන්මමෙම ත්‍රිමාණ ලේසර් කිරණ මගින් ප්රරතිරූපකරණය සිදුකරනු ලබන්නේ රාත්‍රී කාලයේ බව ඔවුහු පවසති. සීගිරිය බිතුසිතුවම් ඇති ගුහාව සහ කැටපත් පවුර ජර්මන් ජාතික කණ්ඩායම සහ පුරාවිද්‍යා කණ්ඩායම් මධ්‍යම සංස්කෘතික අරමුදල කණ්ඩායම් එක්ව මෙය සිදුකරන බවද මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා සඳහන් කළේය.
ඒ සඳහා රුපියල් මිලියනයක මුදලක් මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් වෙන්කරවා තිබෙන බවත්, එමෙන්ම තවත් විශාල මුදලක් ජර්මන් ආයතනයක් මගින් ලබාදෙන බවත් හෙතෙම සඳහන් කළේය.
මෙම ත්‍රිමාණ ඡායාරූප ගන්නා ආකාරය සහ ලේසර් කිරණ මගින් සිදුකර ආකාරය කුමක්ද යන්න දැක බලා ගැනීම සඳහා මාධ්‍යවේදීන්ට සීගිරිය කැටපත් පවුර සහ බිතුසිතුවම් ගුහාවට පිවිසිය හැකිදැයි මාධ්‍යවේදීහු මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතාගෙන් විමසීමක් කළහ.
එහිදී හෙතෙම පවසා සිටියේ, එම අවස්ථාවට මාධ්‍යවේදීන්ට ගමන් කිරීමට අවස්ථාව ලබා දිය නොහැකි බවත්, එහිදී සිදුකරන ලද කරුණු පිළිබඳ පහළට පැමිණ අවශ්‍ය නම්, මාධ්‍ය දැනුවත් කළ හැකි බවත්ය.
එස්. කරුණාරත්න