සීගිරිය උඩවලයාගම ප්රදේශයේ වනජීවි දෙපාර්තමේන්තුවට අයත් අභය භූමියේ ප්රාදේශීය සභා මන්ත්රීවරයකු විසින් මාර්ගයක් ඉදි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.
ගොවිපොළ පාර නමින් නම්කොට ඇති මම මාරග්ය ඉදි කිරීමට සැකකාර මන්ත්රීවරයා විසින් ප්රාදේශීය සභාවෙන් රුපියල් ලක්ෂ 6ක මුදලක් අනුමත කොට ගෙන ඇති බවද ප්රදේශවාසීහු පවසති.
ගෙඩිගස් වලාන උඩවලයාගම ගම්මානයට විශාල අඩුපාඩුකම් පවතිද්දී අදාළ මන්ත්රීවරයා විසින් කිසිදු අයකු පදිංචි නොමැති කිහිප දෙනෙකු පමණක් රජයේ රක්ෂිත අල්ලාගෙන ගොවිතැන් කරන වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් භූමියක විශාල මාර්ගයක් ඉදිකර තිබෙන බවයි.
සීගිරිය ගල සහ පිදුරංගල අලංකාරව දර්ශනය වන දුරින් මෙම මාර්ගය කපා තිබෙන අතර එම රක්ෂිත ආසන්නයේ පෞද්ගලික සංචාරක හෝටල් කීපයක් ඉදි වෙමින් පවතින බවද ඔවුහු පෙන්වා දෙති.
කෙසේවෙතත් එම මාර්ගය කපා ඇති ප්රදේශයට සීගිරිය වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක එස්.එන්. බණ්ඩාරනායක මහතා ඇතුළු කණ්ඩායමක් ගොස් නීරීක්ෂණය කළහ.
කාංචන කුමාර ආරියදාස