සිංගප්පූරුව තුළ නව කොරෝනා වෛරස ව්‍යාප්තිය ඉහළ යමින් පවතින බව වාර්තා වනවා.
ගතවූ පැය 24 ක කාලය තුළ එරටින් නව ආසාදිතයින් 47 දෙනෙකු හදුනාගෙන ඇති අතර එක් දිනක් තුළ සිංගප්පූරුවෙන් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව මෙය වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ආසාදිතයින්ගෙන් 33 දෙනෙකුම යුරෝපා, උතුරු අමෙරිකා සහ ගිනිකොන දිග ආසියානු කලාපීය රටවලින් පැමිණි පුද්ගලයින් බව සිංගප්පූරුවේ සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.