කොළඹ නගරයේ වෙසෙන අවුරුදු 30ට වැඩි යම්කිසි පුද්ගලයෙක් කොවිඩ් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන නොමැති නම් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයට ගොස් එන්නත් ලබාගැනීමට හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
හෙට දිනයේදීත් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් එසේම කොළඹ නගරයේ වෙසෙන එක් එන්නතක් ලබාගත් පුද්ගලයන්ටද එම ස්ථානයේදී එහි දෙවැනි මාත්‍රාව ලබා ගැනීමට හැකි බවත් ඔහු සඳහන් කළේය.