විද්‍යුත්(Online) ක්‍රමයට සෞඛ්‍ය සේවාවේ අභ්‍යාසලාභීන් බඳවා ගැනීම සඳහා වන ගැසට් පත්‍රය අද (31දා) දින නිකුත් කෙරෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවේ පුහුණුව සඳහා අභ්‍යාසලාභීන් බඳවාගැනීම විද්‍යුත් මාධ්‍ය (Online) ක්‍රමයෙන් සිදුකිරීමට නියමිතය.
මීට ප්‍රථම අභ්‍යාසලාභීන් බඳවා ගැනීම සාමාන්‍ය ක්‍රමවේදයට අනුව අයදුම්පත් තැපැල් මගින් ගෙන්වා සිදුකරනු ලැබීය.
අභ්‍යාසලාභීන් බඳවා ගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශ නිල වෙබ් අඩවිය වන www.health.gov.lk ඔස්සේ සිදුකිරීමට කටයුතු යොදා තිබේ.
ඒ අනුව අද (31දා) දිනයේදී ප්‍රකාශයට පත්කිරීමට නියමිත ගැසට් නිවේදනයට අනුව තනතුරු 12 ක් සඳහා අභ්‍යාසලාභීන් බඳවා ගැනීමට නියමිතය.
සියලු අයදුම්කරුවන් ලියාපදිංචි වීමේදී ජාතික හැඳුනුම්පතක්, වලංගු විද්‍යුත් තැපැල් ගිණුමක්, සම්බන්ධ කරගත හැකි ජංගම දුරකථන අංකයක් තිබියයුතු බවද අමාත්‍යාංශය දැනුම් දෙයි.