එක්සත් රාජධානියේ කපිතාන් ශ්‍රීමත් ටොම් මුවර් කොරෝනා වෛරසය ආසාදිතව රෝහල් ගත කර ඇති බව ඔහුගේ දියණිය පවසා තිබේ.
බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය සඳහා ඩොලර් මිලියන 33කට ආසන්න අරමුදලක් රැස් කළ 100 හැවිරිදි ඔහු හුස්ම ගැනීමට උදව් අවශ්‍ය වීමෙන් පසු බෙඩ්ෆෝර්ඩ් රෝහලට ගෙන ගිය බව හැනා ඉන්ග්‍රම් මුවර් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.
පසුගිය සති කිහිපය තුළ ඔහු නියුමෝනියාව සඳහා ප්‍රතිකාර ලබා ඇති බවත්, පසුගිය සතියේ කොවිඩ්-19 සඳහා ධනාත්මක පරීක්ෂාවක් කළ බවත් ඇය පැවසුවාය.
ඉන්ග්‍රම්-මුවර් වැඩිදුරටත් පැවසුවේ තම පියා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර නොමැති බවයි. එහිදී මුවර්ට නියුමෝනියාව සඳහා ලබා දුන් ඖෂධය හේතුවෙන් කොවිඩ්-19 එන්නත මෙතෙක් ලබාදී නොමැති බවද පවුලේ ප්‍රකාශකයෙක් පැවසීය.
අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, "ඔබ මුළු ජාතියටම ආභාෂය ලබාදුන් පුද්ගලයෙක්. අප සියල්ලන්ම ඔබට සම්පූර්ණ සුවය ප්‍රාර්ථනා කරන බව මා දන්නවා." යනුවෙනි.