මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිති 15 ක් ආරම්භ කළ වැඩවර්ජනය අද දිනයේත් ක්‍රියාත්මක වනවා.
බලධාරීන් සමග ඊයේ පැවති සාකච්ඡා අසාර්ථකවීම හේතුවෙන් එම වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය තීරණය කළා.
සෞඛ්‍ය බලධාරීන් මෙම ගැටළු විසදීමට කටයුතු නොකිරීම හේතුවෙන් සිය ඉල්ලීම් පිළිබද සළකා බැලීමට ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට මැදිහත් වන ලෙසයි වර්ජනයේ නිරත සෞඛ්‍ය වෘත්තීය සමිති ඉල්ලීමක් කළේ.