ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා අද (07) දින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මුණගැසුනි.
මෙහිදී දෙරට අතර පවතින මිත්‍රත්වය සහ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබදව සුහද පිළිසදරක නිරත විය.
මෙම අවස්ථාවට ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් Dr. Sushil Kumar මහතා, ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ ආර්ථික හා වාණිජ අංශයේ ප්‍රධානී Dr. Rakesh Pandey යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.