රටට විශාල බලාපොරොත්තු ලබාදෙන සෞඛ්‍ය ඇමතිවරයාට වෛද්‍ය සභාවේ සභාපති තනතුරේ ඇතිවූ පුරප්පාඩුව මෙතෙක් සම්පූර්ණ කර ගැනීමට නොහැකිව තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව රෝගී ජීවිත සුරක්ෂිත කිරීම සඳහා පිහිටුවා තිබෙන ප්‍රධානම ආයතනයක් බවද එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා අද (16දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
ඇති වූ පුරප්පාඩුව සම්පූර්ණ නොකළද, එන්.ජී.ඕ. සංවිධාන නියෝජිතයන් කිහිපදෙනෙකු සමග එක්ව වෛද්‍ය සභාව විසුරුවා හැරීමට කුමන්ත්‍රණය කරමින් සිටින බවද ඔහු කියා සිටියේය.