පොළොන්නරුව මහ රෝහලෙන් කොරෝනා සැක සහිත රෝගියෙකු හමුවීමත් සමගම එහි වාට්ටු අංක 10 හදිසියේ වසා දැමීමට ඊයේ (15) රාත්‍රියේ රෝහල් බලධාරින් පියවර ගත් බව පොළොන්නරුව මහ රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසීය.
මෙසේ හමුවූ සැක සහිත රෝගියා මීට දින 04කට පමණ ඉහත දී රෝහලට ඇතුළත්ව ඇති අතර යුද හමුදා සෙබලෙකු බවත් ඔහු වැලිකන්ද ,සේනපුර පුනරුත්ථාපන කඳවුරේ රාජකාරි කළ අයෙකු බවත් දැනගන්නට ලැබී තිබේ.
මෙසේ හදුනාගත් රෝගියා පී.සී .ආර් පරික්ෂණය සිදු කළ බවත් පොළොන්නරුව මහ රෝහලේ වාට්ටු අංක 10 හි සේවය කළ වෛද්‍යවරුන් හෙද කාර්ය මණ්ඩල හා අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිරෝධායනයට ලක් කිරීමට සිදුව ඇති බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
මෙසේ රෝගියෙකු හමු වීමත් සමග පොළොන්නරුව මහ රෝහලේ එම රෝගියා ප්‍රතිකාර ලබමින් සිටි වාට්ටුවේ එම රෝගියා හා අනෙකුත් රෝගීන් බැලීමට පැමිණි පුද්ගලයින් පිළිබදව ද දැඩි පරිශ්‍රමයක් දරා අනාවරණය කර ගැනීමටේ සිදුව ඇති බව ද පොළොන්නරුව දිස්ත්‍රික්කය මේ හෙතුවෙන් අවදානමේ හෙලීම කනගාටුදායක බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
කෙසේ වෙතත් මේ පිළිබදව පොළොන්නරුව මහ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ඉන්දික සම්පත් කුමාර මහතාගෙන් අප කළ විමසුමක දී හෙතෙම මෙසේ පැවසයී,
"මේ රෝගියා වෙනත් අසනීපයකට තමයි පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් වුණේ. කොරෝනා රෝග ලක්ෂණ කිසිවක් පෙන්නුවේ නෑ. සේනපුර පුනරුත්ථාපන කඳවුරේ ගබඩා භාරකරු විදිහට සේවය කළ කෙනෙක්. දැනට පළමුවන පී.සී.ආර්.පරික්ෂණය පොසිට්ව් වෙලා තිබුණ නිසා අපි රෝහලේ 10 වාට්ටුව වසා දැමීමට කටයුතු කළා. වෛද්‍යවරුන් 06ක් හෙද හෙදියන් 16ක් හා අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිරෝධායනය කිරීමට කටයුතු කරනවා. ඊට අමතරව එම සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඇසුරු කරපු අය හා රෝගියා බැලීමට පැමිණි ඇසුරු කළ අය පිළිබදව පරික්ෂා කරනවා. අපි කමිටු පත් කරලා තියෙනවා. ඒ කමිටු විසින් වහාම අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. මේ රෝගියාත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සියලු දෙනාත් බලන්න ආව අයත් හැමෝම මුඛ ආවරණ පැළද සිටීම නිසා අපට තිබෙන අවදානම අඩුයි කොහොම වුණත් අපි මේ ගැන දැඩි විමසිල්ලෙන් ඉන්නේ."
තුෂාර තෙන්නකොන්