හෙරොයින් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙක් කොස්ගම පොලීසියේ සිර මැදිරියක් තුළින් පළා යෑමේ සිදුවීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට කටයුතු කර තිබේ.
ඊයේ රාත්රියේ මෙම සැකකරුවන් දෙදෙනා පොලිස් සිර මැදිරියෙන් පළාගොස් තිබේ. ඒම අවස්ථාවේ සේවයේ යේදී සිටි පොලිස් කොස්තාපල්වරයෙක් හා සැරයන්වරයෙක් ගේ සේවය මෙසේ තහනම් කර තිබේ.
පළා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ පවත්වයි.