ජීප් රථයකින් පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන යමින් සිටියදී අත්මාංචු සමග සැකකරුවන් දෙදෙනෙකු පළා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලීසියේ කොස්තාපල් වරයෙකුගේ වැඩ තහනමට ලක් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි .
රන්මාල කොල්ල කෑම සහ යතුරුපැදි සොරා ගැනීම සම්බන්ධයෙන් පොලිසි කිහිපයකට අවශ්‍යව සිටි මෙම සැකකරුවන් දෙදෙනා පානදුර කොට්ඨාස නීතිය බල ගැන්වීමේ ඒකකයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ඩබ්ලිව්. එම්.එස්.බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීන් බණ්ඩාරගම වැල්මිල්ල සතිපොළ අසලදී අත්අඩංගුවට ගෙන ඉකුත් 22 දින බණ්ඩාරගම පොලීසිය වෙත භාර දී තිබිණි .
සැකකරුවන් දෙදෙනා තවත් සැකකරුවෙකු හා සැකකාරියක සමග වැඩ තහනමට ලක් කරන ලද පොලිස් කොස්තාපල්වරයා සිවිල් ආරක්ෂක නිලධාරීනියක් සමග පානදුර අධිකරණය වෙත රැගෙන යමින් සිටියදී ඉකුත් 23 වෙනි දින පානදුර අධිකරණය ආසන්නයේ අතුරු මාර්ගයක දී පළාගොස් තිබිණි .
වාහන තදබදයක් හේතුවෙන් පොලිස් ජීප් රථයේ වේගය අඩු කිරීමත් සමගම සැකකරුවන් දෙදෙනා සම්බන්ධ කර සිටි අත්මාංචු දෙක ගලවාගෙන ජීප් රථයේ දොර විවෘත කර ගෙන පලා ගොස් තිබූ බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත .
එම අවස්ථාවේදී සැකකරුවන් භාරව සිටි කොස්තාපල්වරයා ජීප් රථයේ ඉදිරිපස අසුනේ සිට ඇති අතර සිවිල් ආරක්ෂක නිලධාරීනිය පසුපස අසුනේ ගමන් කර ඇති බව විමර්ශන වලදී අනාවරණය වී ඇත .
පලාගිය සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇතැයි පොලිස් නිලධාරීයා වැඩිදුරටත් පැවසීය .
බිමල් ෂ්‍යාමන් ජයසිංහ