තම බලතල විරුද්ධ පක්ෂයේ උවමනාවන්ට යොදා නොගන්නා ලෙස මැතිවරණ කොමිෂමෙන් ඉල්ලා සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
“පසුගිය අවුරුදු 4ක කාලය තුළ මැතිවරණ කොමිසම ගැන විශ්වාසය බිඳී ගිහින් තිබුණේ. එවක ආණ්ඩුවේ බලපෑම මත මැතිවරණ කල් දමා නොතියා සිටියා ද කියලයි අපිට නම් හැගෙන්නේ.
නමුත් අදත් ඔවුන් විසින් මෙහෙයවන මැතිවරණ කොමිසමක් බව ජනතාවට තේරුම් ගිහින් තිබෙන්නේ. මැතිවරණ කොමිසම කියනවා සෞඛ්‍ය අංශ දෙනු ලබන උපදෙස් මත සති 9 කට කල් දමනවා කියලා. ඉතින් ජුනි 20 තෙක් කල් දැම්මනේ. දැන් කොමිසම බලාගෙන ඉන්නේ වත්මන් ජනාධිපති මේ කෝවිඩ් 19 වසංගතය මෙරටින් තුරන් කරන තුරුයි. වත්මන් ජනාධිපතිතුමා රට වෙනුවෙන් ඉටු කළ යුතු මෙහෙවර නායකත්වය හරහා සිදු කළා. එය ජත්යාන්තරයේ පවා පැසසුමට ලක් වෙන ආකාරයෙන් සිදු වුනා.
මේ වනතුරු ම බාහිර සාමාජයෙන් කිසිදු කෝවිඞ් ආසාදිතයෙක් වාර්තා වුනේ නැහැ. එය PCR පරීක්ෂණ හරහා ඉතා හොඳින් පැහැදිලි වෙනවා. දෛනිකව වාර්තා වන්නේ නාවික හමුදාවෙන් හා නිරෝධායනය වෙමින් සිටින විදේශයෙන් පැමිණි අයගෙන් බව පැහැදිලි වෙනවා.
එක්සත් ජාතික පක්ෂය හා සමගි ජනබලවේගය යන විපක්ෂයේ අය අද මැතිවරණ එපා කියමින් උසාවි යනවා. අපි කොමිසමින් ඉල්ලා සිටිනවා තම බලතල විරුද්ධවාදීන්ගේ වුවමනාවට අනුව යොදා නොගන්නා ලෙසයි.
මැතිවරණයක් නිසා රු 5000 දීමනාව දෙනවාද නැද්ද කියලා ආර්ථිකය තත්වය ගැන බලලා කටයුතු කරන්න වෙලා. උපාධිධාරීන් 50 000කට පුහුණුව නවත්වලා, රු 20 000 පවා දෙන්න තහංචි දාලා. රැකියා 100 000 කටයුතු අඩපණ වෙලා, උස්සවීම්, ස්ථානමාරුවීම් පවා මේ සියල්ලම අඩපණ වෙලා. සෑම ගැටලුවකට ම විසඳුම් දිය හැක්කේ මේ මැතිවරණ කොමිසමට පමණයි.
අපි විශ්වාස කරනවා මහින්ද දේශප්‍රිය මහතා හූල් මහතාව ඉදිරියට දාලා කටයුතු නොකරයි කියලා. ඒ අතරේ හූල් මහතා නිරෝධායන නීති කඩලා තම දියණිය කොමිසමට ගෙනල්ලා මැතිවරණ කඩාකප්පල්කාරී තත්වයක් නිර්මාණය කලා.PCR පරීක්ෂණයට භාජනය වීමෙන් ආසාදිතයෙක් කියලා අනාවණය වුණොත් එය කොමිසමට මහත් ගැටලුවක් වෙයි.”