ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මුදල් චීනය විසින් මුද්‍රණය කරන බව චීන මාධ්‍ය උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
ශ්‍රී ලංකාව, නේපාලය, බංග්ලාදේශය, මැලේසියාව හා බ්‍රසීලය වෙනුවෙන් මෙසේ චීනය මුදන් නෝට්ටු මුද්‍රණය කරන චීන බැංකු නෝට්ටු මුද්‍රණ ආයතනයේ සභාපති ලී ගුයිෂෙන්ග් මහතා චින මහ බැංකුව විසින් සම්පාදනය කරන මාසික සඟරාවකට ලිපියක් ලියමින් පවසා ඇත්තේ තමන් වෙත මුල්ම ඇණවුම නේපාලයෙන් 2015 වසරේදී ලැබුණ බවයි.
ඉන් අනතුරුව චීනය සෙසු රටවල්වල ඇණවුම් භාරගෙන ඇත. චීන බැංකු නෝට්ටු මුද්‍රණය කිරිමේ ආයතය ලෝකයේ විශාලම මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමේ ආයතනය වන අතර එහි 18000ක පමණ සේවක පිරිසක් සේවයේ යෙදෙයි.