හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂි වීරවංශ මහත්මියට එරෙහිව රහස් පොලීසිය විසින් ගොනු කර ඇති නඩුවේ විභාගය ජනවාරි පළවනදාට කල් තැබීමට කොළඔ මහේස්ත්‍රාත් අධිකරණය අද (11) නියම කළේය.
මෙම නඩුව කොළඔ මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවු අතර එහිදි විත්තිකාර ශෂි වීරවංශ අධිකරණය හමුවේ පෙනී නොසිටී බැවින් මෙය ජනවාරියට කල් තබා ඇත.
එදිනට සාක්ෂිකරුවන් අනිවාර්යයෙන් පැමිණිය යුතු බවට අවධාරණය කොට තිබේ.