පාසල් ශිෂ්‍යාවක වූ තම දියණියගේ පෙම්වතා බව කියන තරුණ වියේ පසුවන පාසල් ශිෂ්‍යයෙකුගේ කන් පෙත්තෙන් කොටසක් ඉවත්වන ආකාරයට සපා කෑ කාන්තාවක් මේ මස 05දා දක්වා රිමාන්ඩ්භාරයේ තබන ලෙස බළන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් දේශබන්දු සූරියපටබැදි මහතා පෙරේදා (02දා) නියෝග කළේය.
රිමානඩ්භාරයට පත් කළ තැනැත්තිය නිවසේ නැති අතරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ හදාරණ ඇගේ දියණියකගේ සම වයසේ තරුණ පාසල් ශිෂ්‍යයෙකු පසුගිය 01දා ඇගේ නිවසට පැමිණ තිබේ.
ඇය නැවත නිවසට පැමිණි අවස්ථාවේ නිවසේ දොර වසා තිබීම නිසා ඇතිවු කතා බහක් දුරදිග යාමෙන් පසු එම තරුණ පාසල් ශිෂ්‍යාගේ කන සපාකා කොටසක් කඩාගෙන ඇති බව පොලිසිය වැඩබලන මහේස්ත්රාත්වරයාට දැනුම් දුන්නේය.
තුවාල ලැබූ ශිෂ්‍යයා එම නිවසින් පැනගොස් බළන්ගොඩ මූලික රෝහලට ඇතුළත්ව තිබේ. ඔහු බළන්ගොඩ මොරහැල, පල්ලෙවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඔහුත් සැකකාර කාන්තාවගේ දියණියත් බළන්ගොඩ නගරයේ පාසලක අපොස උසස්පෙළ හදාරනා ශිෂ්‍යයෙක් සහ ශිෂ්‍යාවක් බව ද පොලීසිය පැවසුවේය.
මේ අතර සැකකාරියගේ දියණිය පවසා තිබුණේ තමන්ගේ කැඩුණු ජංගම දුරකතනයක් සාදා දෙන්නට මෙම ශිෂ්‍යයා ඇගේ නිවසට පැමිණි බවයි. වැලිගෙපොල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
අජිත්ලාල් ශාන්තඋදය