මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි තුන්ලක්ෂ පනස්දහස් එකසිය අනූ එක් දෙනාගෙන් 79.09%ක් විභාගය සමත් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එය පසුගිය වසරේදී 69.4%ක් වූ බවත්, සමස්ත ප්‍රමාණයෙන් 10.32%ක් දිස්ත්‍රික් කඩඉම් ලකුණු ප්‍රමාණයට වඩා ලකුණු ලබාගෙන තිබෙන බවත් විභාග කොමසාරිස් සනත් පූජිත මහතා සඳහන් කළේය.
එම ප්‍රතිශතය පසුගිය වසරේදී 9.46%ක් වූ අතර, සමත්වීමේ ප්‍රතිශතය ගණනය කර තිබෙන්නේ එක් ප්‍රශ්න පත්රයකට ලකුණු 35ක් ලබාගැනීම ගණනය කර යැයිද ඔහු පවසා සිටියේය.
79.9%ක් සමත්වීම මෑත කාලයේදී ඉතාමත් හොඳ අගයක් බවත්, කඩඉම් ලකුණුවලට වඩා ලකුණු ගැනීමට 10.32%කට හැකි වී තිබෙන නිසා එයද ඉතාමත් ඉහළ අගයක් බවත් ඒ මහතා සඳහන් කළේය.