අද (05) ආරම්භ වූ පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටීම සඳහා උදෑසන සිය මව සමඟ පාපැදියකින් ගමන් කරමින් සිටි මහියංගනය බ/ හද්දත්තාව මහ විදුහලේ දැරියක් සහ ඇගේ මව වන අලි ප්‍රහාරයකට ලක්වීමෙන් තුවාල ලබා මහියංගනය මහ රෝහලට ඇතුළත් කළ බව මහියංගනය පොලීසිය සඳහන් කරයි.
මහියංගනය, හද්දත්තාව, අක්කර 80 හි පදිංචි සසුරි සත්සරණි (10) දියණිය සහ ඇගේ මව වන ඩී.එම්.සේපාලිකා කුමාරි (35) යන අය මෙසේ රෝහල්ගත කොට තිබේ.
සිද්ධියෙන් දෙදෙනාටම බරපතල තුවාල සිදුව නොමැති අතර දැරියගේ මව තරමක තුවාල ලබා දැරියට සුළු තුවාල පමණක් සිදුව ඇති බව වාර්තා වේ.
හාලිඇල- විජේරත්න රත්නායක