ශ්‍රී ලන්කන් ගුවන් සේවයට එළඹෙන 2020 දෙසැම්බර් 04 දක්වා වූ ඉදිරි වසර දෙකක කාලයක් සදහා ජාත්‍යන්තර මෙහෙයුම් නිරුපද්‍රතා විගණන සහතිකය (IOSA) හිමි කරගෙන තිබේ .
මෙම සහතිකය ජාත්‍යන්තර ගුවන් ගමන් ප්‍රවාහන සංගමය (IATA) මගින් සිදු කරන ලද ඇගයීමකින් සහ නියාමනයකින් අනතුරුව පිරිනමා තිබේ.
මෙම සංගමයට ලෝකයේ රටවල් 120 ක ගුවන් ගමන් සේවා 290 ක් සම්බන්ධ වන අතර , එය ලෝක ගුවන් මගීන් සහ භාණ්ඩ ප්‍රවාහනයෙන් 82% ක කොටසක් හිමි කරගෙන තිබෙන ආයතනයකි .
ශ්‍රී ලන්කන් ගුවන් සේවය පිරිනමන මගී සුවපහසුව , ඔවුන්ගේ ආරක්ෂාව සදහා ගෙන ඇති ක්‍රියාමාර්ග , මගී විශ්වසනීයත්වය , ගුවන් යානා වල සහ සිය සේවා වල කාළණුගතිකත්වය පදනම් කර ගනිමින් එහි කළමනාකාරිත්වය සහ පාලන පද්ධතිය ඇගැයීමකට ලක් කරමින් මෙම විගණන සහතිකය පිරිනමා තිබේ.
ඉකුත් 2006 වසරේ දී මෙම නිරුපද්‍රතා සහතිකය දිනාගත් පළමු ආසියානු කලාපයේ ගුවන් සේවය ශ්‍රී ලන්කන් ගුවන් සේවයයි .
ශ්‍රී ලන්කන් ගුවන් සේවය 1979 සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ මුලස්ථානය කර ගනිමින් ක්‍රියාත්මක වන අතර , මෙම ගුවන් සේවය නවතම A- 330-300 සහ A- 320- 321neo වර්ගයේ ගුවන් යානා යොදා ගනිමින් රටවල් 48 ක ගමනාන්ත 111 ක් කරා සිය ගුවන් ගමන් මෙහෙයවමින් සිටිති .