ශ්රී ලංකා වරාය අධිකාරිය සඳහා නිෂ්පාදනය කළ නව නියමු යාත්රාවක් කොළඹ වරාය වෙත ලබා දීම ඊයේ 22දා පෙරවරුවේ සුභ මොහොතින් කෙළඹ නැව් තඨාකංගණ පරිශ්රයේ දී සිදු විය.
කොළඹ නැව් තඨාකාංගණ ආයතනය විසින් නිෂ්පාදනය කරන ලද මෙම නියමු යාත්රාව ස්කොට්ලන්තයේ මැක්ඩෆ් ආයතනය විසින් නිර්මාණය කර ඇති අතර, එය මීටර් 19ක දිගකින් යුක්ත ය. නාවික නියමුවන් සිව් දෙනෙකු හා නාවිකයන් සිව් දෙනෙකු ට පහසුවෙන් යාත්රා කිරීමට හැකි වන පරිදි මෙම යාත්රාව නිර්මාණය කර ඇත. පැය ට නාවික සැතපුම් 22ක වේගයෙන් යාත්රා කළ හැකි මෙම යාත්රාව ශ්රී ලංකාවේ පවතින ඕනෑම කාළගුණ තත්ත්වයක දී ක්රියා කිරීමට හැකි ලෙසින් නිෂ්පාදනය කර තිබී ම විශේෂත්වයකි.