ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ඇතුළු කාර්ය මණ්ඩලයේ පස් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය විම සහ කාර්ය මණ්ඩලයේ වැඩි පිරිසක් ස්වයං නිරෝධායනය වීම හේතුවෙන් වසා දැමුණු අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය ලබන 25 වෙනි සඳුදා සිට නැවත විවෘත කිරීමට නියමිත බව එහි ලේඛකාධිකාරී යූ.ඩි.දොඩන්වල මහතා පැවසිය.
මේ අනුව මේවනවිට ස්වයං නිරෝධායනයට ලක් කොට සිටින කොරෝනා වෛරසය ආසාදිතවුවන්ගේ ආශ්‍රිතයින් ලෙස හඳුනා ගෙන ඇති කාර්ය මණ්ඩලය හැර අනෙක් සියලු අධ්‍යයන, අධ්‍යයන සහායකවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සියලු දෙනා එදිනට සුපුරුදු පරිදි සේවයට වාර්තා කළ යුතු බව එම විශ්වවිද්‍යාලයේ වැඩබලන උපකුලපති මහාචාර්ය කනංගමුවේ රාහුල හිමියන්ගේ උපදෙස් මත දැනුම් දෙන බවත් ලේඛකාධිකාරිවරයා ප්‍රකාශ කළේය.
තිසර සමල් එප්පාවල