රට තුල පවතින කොරෝනා වෛරසය පැතිරීමේ අවදානම් සහගත තත්ත්වය සැලකීමට ගෙන සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස් පරිදි විශේෂ ජනාතා එක්රැස් කිරීමකින් තොරව නාමයෝජනා ලබා දීමේ කටයුතු සිදු කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අදාළ දිස්ත්‍රික් නායකයින්ට උපදෙස් ලබා දී ඇත.
මැතිවරණ කොමිෂන් සභාව විසින් ලබා දී ඇති උපදෙස් අනුව ඊට අවශ්‍ය නීත්‍යානූකූල පුද්ගලයින් පමණක් සහභාගී කරගනිමින් නාමයෝජනා ලබා දීමේ කටයුතු සිදුකරන ලෙස ද වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත.
කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීමට රජය ගෙන යන විධිමත් වැඩසටහනට අනුකූලව ඊට අවශ්‍ය සහය ලබාදෙමින් නෙළුම් මාවත, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන පක්ෂ මූලස්ථානය 2020 මාර්තු මස 17,18 සහ 19 යන තෙදිනයන් හී පූර්ණ වශයෙන් වසා තැබීමට තීරණය කොට ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කර ඇත.