ශ්‍රී ලංකාව මේ වන විට පී.සී.ආර්. පරීක්ෂණ ධාරිතාව උපරිම මට්ටමට පැමිණ ඇති බවත් ඒ අනුව ඊයේ දිනයේදී පමණක් එම පරීක්ෂණ 1142ක් සිදුකර ඇති බවත් සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පැවැසීය.
“ඊයේ දිනයේදී වාර්තා ගත පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණයක් කරලා තිබෙනවා. ඒ පරීක්ෂණ ප්‍රමාණය 1142ක්. සාමාන්‍ය යෙන් අපි පවත්වා ගත්තේ 700 සීමාවේ. මුලින්ම ආරම්භ කළේ දිනකට පහක් දහයක්, පහලොවක් වැනි තත්ත්වයක. මේ අපේ උපරිම ධාරිතාවයි.
ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර ඇතිව පරීක්ෂණාගාරයක් තනාගෙන යනවා. ඊට අවශ්‍ය පහසුකම් ලබාගෙන යනවා. එහි ධාරිතාව 1000ක් වෙනවා.
ඊට අමතරව අපි පෞද්ගලික අංශයේ සහාය ලබාගැනිමට තීරණය කළා. ඒ සඳහා අපි මිල ගණන් ඉල්ලා සිටියා.
ඒ අනුව පී.සී.ආර්. කිට් ඇතුළු දේ ලබාගැනීමට අපිට සිදුවෙනවා.”