ශ්‍රී ලංකාව ප්රජාතන්ත්රවාදී ශක්තිමත් බවට පත්ව ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.
ඇති වී තිබෙන ප්රජාතන්ත්රවාදය ගැන දවස් ගණනක් කතා කළ හැකි බවත්, පොත් සිය ගණනක් ලිවීමට හැකියාව තිබෙන බවත් ජනාධිපතිවරයා පවසා සිටියේය.
19 වැනි ව්‍යවස්ථාව යටතේ ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවක් ඇතුළු කොමිෂන් සභා 10ක් පිහිටු වූ ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව ස්ථාපිත කිරීම නිසා රට තුළ නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට හැකියාව ලැබී තිබෙන බවද ඔහු කියා සිටියේය.
මැතිවරණ කොමිෂන් සභාව හා ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලය එක්ව කොළඹ ගලදාරි හෝටලයේ සංවිධානය කර තිබෙන මැතිවරණ පිළිබඳ සමුළුවේ ආරම්භක අවස්ථාවට සහාභාගි වෙමින් ඒ මහතා අද (27දා) මේ බව සඳහන් කළේය.