කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවදානමත් සමග ශ්‍රි ලංකාවේ තේ සදහා ලෝක වෙළදපොලේ ඉහල ඉල්ලුමක් පවතින බවත්, එම ඉල්ලුම හමුවේ ශ්‍රි ලංකාවේ නිමි තේ කොළ කිලෝවක මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව බගවන්තලාව වැවිලි සමාගමේ හැටන් කලාප භාර මෙහෙයුම් අධ්‍යක්ෂක නොර්වුඩ් වතුයායේ වතු අධිකාරි ෆෙරොස් මජිත් මහතා පැවසිය.
මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් ෆෙරොස් මජිත් මහතා කියාසිටියේ වසර ගණනාවක් කඩා වැටි තිබු මෙරට තේ කර්මාන්තය කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමත් සමග යළිත් නගා සිටුවිමට අවස්ථා උදා වු බවයි.
කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවදානමත් සමග පැනවු ඇදිරි නීතිය හමුවේ රජය සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ තේ නිෂ්පාදන කටයුතු සෞඛ්‍ය අංශ ලබාදුන් නිර්ණායකවලට අනුකුලව පවත්වාගෙන යන ලෙස ලබාදුන් අවසරය මත කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවදානමට මුහුණ දෙමින් කඩා වැටි තිබු තේ කර්මාන්තය යළිත් නගා සිටුවිමට අවස්ථාව උදා වු බවයි ෆෙරොස් මජිත් මහතා කියා සිටින්නේ.
කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවදානම හේතුවෙන් ලෝකයේ තේ නිෂ්පාදනය කරන රටවල් කිහිපයක් තේ නිෂ්පාදන කටයුතු නතර කර තිබියදි ශ්‍රි ලංකාවේ උඩරට සහ පහතරට තේ වැවිලි සමාගම් සහ කුඩා තේ වතු හිමියන් තේ නිෂ්පාදන කටයුතු සිදු කල නිසා ශ්‍රි ලංකාවේ තේ සදහා ලෝක වෙළදපොලේ විශාල ඉල්ලුමක් පවතින බවද මෙහෙයුම් අධ්‍යක්ෂකවරයා පැවසිය.
තේ වතු ආශ්‍රිතව වැඩ කරන ශ්‍රමිකයන්ට කොවිඩ් 19 වෛසරය පැතිර යාම වලක්වා ගැනිමට සෞඛ්‍ය අංශ විසින් ලබාදුන් උපදෙස් නිසි ලෙස පිළිපැදිම නිසා වතුකරයේ කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවදානම පාලනය කර ගැනිමට හැකි වු බව ෆෙරොස් මජිත් මහතා මාධ්‍යය හමුවේ වැඩිදුරටත් කියා සිටියේය.