ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් නොමැති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. අද පෙරවරුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර පැවැති හමුවකදී ජනපතිවරයා මේ බව සඳහන් කළේය.
එසේම සිංගප්පූරුව හා අත්සන් කළ ගිවිසුම පිළිබඳව ඉදිරි ක්‍රියාමාර්ග ඒ පිළිබඳව සෙවීමට පත්කළ කමිටුවේ වාර්තාව ලැබුණ පසු ගන්නා බවත් ජනපතිවරයා සඳහන් කළේය.
“ රටේ ආරක්ෂක තත්ත්වය කිසිසේත්ම දුර්වල වෙලා නෑ. කිසිම තැනක හමුදාව දුර්වල වෙලා නෑ. මම ජනපති වුණාට පස්සේ ලෝකයේ ප්‍රභල රටවල් අපේ හමුදාවට දෙන පුහුණුවීම් උදව් වැඩි කර තිබෙනවා.
නැව් වගේම ආරක්ෂක හමුදාවට අවශ්‍ය යුද උපකරණ පරිත්‍යාග ලෙස අපේ රටට ලැබෙනවා. යුද්ධයක් කරන වෙලාවක ප්‍රභල ත්‍රස්තවාදී කණ්ඩායම්වලට අපේ ආරක්ෂක හමුදාව කරන සටන් වලදී හමුදාව ඉදිරියෙට යන විට තාවකාලික කඳවුරු ඇති කරනවා.
යුද්ධය අවසන් වෙලා සම්පූර්ණ සාමයක් ඇතිවුණාට පස්සේ තාවකාලික කඳවුරු විනාශ වෙනවා. අසූව දශකයේ මුල් භාගයේ අපේ ආරක්ෂක හමුදා සටන් කළේ කඳවුරු ඇතිකරගෙනයි.
සාමාන්‍ය ජනතාවගේ පුද්ගලික ඉඩ කඩම්වල, පාසල්වල කඳවුරු දාන්න වුණා. රෝහල් පමණයි ඉතිරිවුණේ. යුද්ධය අවසන් වෙලා අවුරුද්දක වාර්ෂික අයවැය ගත්තොත් ලොකුම අයවැය ආරක්ෂක අමාත්‍යාංශයට. මෙවරත් බිලියන 220ක් හෝ ඊට වැඩි ගණනක්. යුද්ධයක් නැති රටක හමුදාව ප්‍රතිසංවිධානය වෙනවා. ගුවන් නාවික හමුදාව අපි ගොඩක් ශක්තිමත් කරනවා.”