ශ්‍රී ලංකාව ගෝලීය නවෝත්පාදන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම සඳහා නව රජය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්රයට ප්‍රමුඛත්වය දී ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද 2020.09.07 දින පැවසීය.
ඉන්දියාවේ තෙවැනි විශාලතම තොරතුරු තාක්ෂණ සමාගමවනඑච්.සී.එල් (HCL) ටෙක්නොලොජීස් හි පළමු ගෝලීය බෙදාහැරීම් මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අරලියගහ මන්දිරයේදී මේ බව අවධාරණය කළේය.