ඊයේ (18දා) ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 722 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 09 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඉතිරි පුද්ගලයින් 713 දෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් වෙයි.
හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 223 ක් ලෙසය. ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 160 ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 49 ක් ලෙස වාර්ථා වේ. සෙසු ආසාදිතයන් 281 දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්කවලින් වාර්තා වෙයි.
අද (18) දින උදෑසන වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 77,905 ක් වන අතර ඉන් පුද්ගලයින් 71,175 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. අද (18) දින උදෑසන වනවිට, රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 6,308 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි.
අද (18) දින උදෑසන වනවිට (පසුගිය පැය 24 තුළ) ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් ඇත. ඔවුන් වෑඋඩ, කළුතර උතුර, මග්ගොන, බෝම්බුවල, කළුතර, නෑබොඩ, නුවරඑළිය, ආගරපතන, ගම්පොල, පෑලියගොඩ, පානදුර සහ නුගේගොඩ යන ප්‍රදේශයින්හී පදිංචි පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඒ අනුව, අද (18) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 422 ක් දක්වා ඉහළ ගොස් ඇත.
අද (18) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 92 ක් තුළ පුද්ගලයින් 9,089 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි.
ඊයේ (17) දිනය තුල PCR පරික්ෂණ 13,585 ක් සිදුකර ඇත.