ශ්‍රී ලංකා ආරක්ෂක අංශ වෙත අවශ්‍ය ආයුධ ලබා දීමෙන් ශ්‍රී ලංකාවේ ආරක්ෂක යාන්ත්‍රණය වැඩිදියුණු කිරීමට උපකාර කරන බව දිවයිනට පැමිණි රුසියානු විදේශ කටයුතු අමාත්‍ය සර්ජි ලැව්රෝයි මහතා පැවැසීය.
ඔහු මේ බව පැවැසුවේ ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ අද (14දා) කොළඹදී පැවැති ඒකාබද්ධ මාධ්‍ය හමුවකදීය.
ශ්‍රී ලංකාවට අවශ්‍ය අවි ආයුධ රුසියාව ලබාදී ඇති බවත් එය අඛණ්ඩව ඉදිරියටත් සිදුකරමින් ශ්‍රී ලංකා යුද හමුදාවට සතුරන් සමග සටන් කිරීමට අවශ්‍ය අවි ආයුධ ලබාදෙන බවත් ඔහු පැවැසීය.
විශේෂයෙන්ම ජාත්‍යන්තර තරය තුළ ශ්‍රී ලංකව හා රුසියාව අතර සමීප සබඳතාවක් ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ රුසියාව ගෙන ඇති වැඩපිළිවෙලට ශ්‍රී ලංකාව ලබා දුන් සහයෝගයට රුසියානු විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට ස්තූතිය පුද කිරීමටත් මෙහිදී කටයුතු කළේය.
රුසියාව සහ ශ්‍රී ලංකාව ත්‍රස්තවාදය මැඩපැවැත්වීම සඳහා එක්ව කටයුතු කරන බවත් පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිව යුත්තන්ට එරෙහිවය කටයුතු කිරිමට රුසියාව සහාය දෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී රුසියාව අතීතයේ දී ලබා දුන් සහයෝගයට ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී රුසියාවට ස්තූතිය පළ කළේය.
ද්විපාර්ශ්වීය සාකච්ඡා වලදී දෙරට අතර ආර්ථික හා වෙළඳ සහයෝගීතාව පුළුල් කිරීමට මෙන්ම ආරක්ෂක හා ත්රස්තවාදයට එරෙහිව කටයුතු කිරීමට රුසියාව එකඟ වූ බවත් දිනෙෂ් ගුණවර්ධන මහතා පැවැසීය.
2018 දී ඇමරිකානු ඩොලර් මිලියන 400 ක් වූ ද්විපාර්ශ්වික වෙළඳාම ඇමරිකානු ඩොලර් මිලියන 700 දක්වා වර්ධනය කිරිමටද රුසියානු විදේශ අමාත්‍යවරයා එකඟ වූ බව ගුණවර්ධන මහතා පැවසීය.