ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වර්තමාන කාර්ය සාධනය විමර්ශනය කිරීම සඳහා හෙට (06) පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) වෙත කැඳවා තිබේ.
පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ඒ බව පැවසීය.
එයට අමතරව ජූලි 07 වනදා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මෙන්ම 08 වැනිදා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ද කෝප් කමිටුව වෙත කැඳවා තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් කෝප් කමිටුව රැස්වීමට නියමිතය.
කෝප් කමිටුවට අමතරව පාර්ලිමේන්තු කාරක සභා සහ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැසක් මෙම පාර්ලිමේන්තු සතිය තුළදී රැස්වීමට නියමිත බවද මහ ලේකම්වරයා තවදුරටත් සඳහන් කළේය.
ඒ අනුව, ලබන ජූලි 06 වනදා ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව, ජූලි 07 වනදා කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව සහ කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතය.
එමෙන්ම, ජූලි 06 වනදා පාර්ලිමේන්තුවේ ආචාරධර්ම සහ වරප්‍රසාධ කමිටුව රැස්වීමට නියමිතව තිබේ.
ජූලි 07 වනදා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව සහ මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යුහය සහ මැතිවරණ නීතිරීතිවලට යෝජිත ප්‍රතිසංස්කරණ සිදුකිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ද එහි සභාපති සභානායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතය.
ජූලි 08 වනදා ස්ත්‍රී - පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට සහ ඒ පිළිබඳව සොයා බලා සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තාකිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය ද රැස්වීමට නියමිතව ඇත.