ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා අද (10දා) මෙරටට පැමිණි බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ උණුසුම් ආගන්තුක සත්කාරය සමග පැමිණ තිබේ.
25 දෙනෙකුගෙන් යුතු මෙම කණ්ඩායම ලන්ඩනයේ සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL506 සහ UL504 දරණ ගුවන් යානාවලින් දිවයිනට ළඟා වී ඇත්තේ, ජාතික ගුවන් සේවයේ ව්‍යාපාරික පන්තියේ සුඛෝපභෝගී පහසුකම් භුක්ති විඳිමිනි.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මෑත වසරවලදී ශ්‍රී ලංකාවේ සංචාරය කළ තුන්වැනි අවස්ථාව මෙය වන අතර, 2015 සහ 2016 දීද ශ්‍රී ලංකන් ගුව්න සේවය සමග ඔවුන් පියාසර කර ඇත.කොදෙව් සංචිතයේ සංචාරය සඳහා අවශ්‍ය කටයුතු ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකන් ගෝලීය සේවා සැපයුම් කාර්යාලය විසින් සිදුකරන ලදී.