අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පාලනය වන හැටන් කොටගල ශ්‍රි පාද විද්‍යා පිඨයේ මුළුතැන්ගෙය තාවකාලිකව වසා දැමිමට අද (05) පියවර ගත් බව කොටගල මහජන සෞඛ්‍යය පරික්ෂක සෞන්දර් රාගවන් මහතා පැවසිය.
එම විද්‍යා පිඨයේ අධ්‍යාපනය ලබන ගුරු අභ්‍යාසලාභින් විසින් තමන්ට ලබාදෙන ආහාර පිරිසිදු නොවන බවත්, මුළුතැන්ගෙය අපිරිසිදුව පවත්වාගෙන යන බවටත් මහජන සෞඛ්‍යය පරික්ෂකවරයාට ලබාදුන් පැමිණිල්ලක් මත කොටගල සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා සහ තලවකැලේ ලිදුල නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා අද පස්වරුවේ එම විද්‍යා පිඨයේ මුළුතැන්ගෙය පරික්ෂාවට ලක් කරනු ලැබිය.
මුළුතැන්ගෙය මහජන සෞඛ්‍යයට අහිතකර ලෙස ඉතා අපිරිසිදු තත්ත්වයේ පවත්වාගෙන යාම හේතුවෙන් මුළුතැන්ගෙය පිරිසිදුව පවත්වාගෙන යාමට කටයුතු යලිත් මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාගේ නිර්දේශයක් ලබාගෙන එය විවෘත කල හැකි බවයි මහජන සෞඛ්‍ය පරික්ෂක සෞන්දර් රාගවන් මහතා කියා සිටියේ.
එම විද්‍යා පිඨයේ මුළුතැන්ගෙය පෞද්ගලික කොන්ත්‍රාත්කරුවෙකු විසින් පවත්වාගෙන යන අතර මිට ප්‍රථමද එම විද්‍යා පිඨයේ මුළුතැන්ගෙය අපිරිසිදුව පවත්වාගෙන යාම පිළිබඳව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් අවවාද කර තිබුණි.