මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පොලිස් නිලධාරීන් පිරිසකටකොවිඩ් වෛරසය ආසාදනය වී තිබුණත්එහි කෝරාළ වරුන් ඇතුළුසියලුම සේවක මණ්ඩලයඇන්ටිජන්පරීක්ෂණයට ලක් කොට තිබෙන බවත්එමගින් දළදා මාලිගාවේකිසිදු සේවකයෙකුටකොවිඩ් වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබෙන බවදියවඩන නිලමේප්රදීප් නිලංග දෑල මහතා පවසයි .
ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ සිදු කරනු ලබන දෛනික තේවා කටයුතුභාර නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නය විසින් සිදුකරන බවත් සාමන්‍ය ජනතාවට දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට දළදා මාලිගාව වෙනදාමෙන් විවෘත කර තිබෙන බවත්දළදා මාළිගා පරිශ්‍රය සම්පූර්ණයෙන් විෂබීජහරණයට ලක් කොට තිබෙන බවත් දියවඩන නිලමේවරයා පවසයි .
දළදා මාලිගා පොලිසියේ නිලධාරීන් 29දෙනෙකුට අද (18) දින වන විටකොවිඩ් වෛරසය ආසාදිත බවට තහවුරු වී තිබේ .
එම පොලිසියේ සියලුම නිලධාරීන් නිරෝධායනයට යොමු කොට තිබෙන අතර මහනුවර පොලිස් කොට්ඨාසය පොලිස් නිලධාරීන් 185 දෙනෙකු දළදා මාලිගාව පොලිසියේ සේවයට යෙදවූ බව මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා පැවසීය.
ෂේන් සෙනෙවිරත්න