ශ්‍රේෂ්ඨාධිකරණය අවට ආරක්ෂාව තර කිරීමට ශ්‍රී ලංකා පොලීසිය කටයුතු කර තිබේ. ඒ අනුව පොලීසිය මෙන්ම පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් අධිකරණ සංකීර්ණය තුළට කැඳවා තිබේ.
පාර්ලිමේන්තු විසුරුවා හැරීමට විරෝධය දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ පෙත්සම් හි තීන්දුව තවත් සුළු මොහෙතකින් ලබාදීමට නියමිතය.
හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන්, මාධ්‍ය ආයතන රැසක් මෙම අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය සංකීර්ණයට ගොස් තිබේ.