ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ තීරණ කිහිපයක් ගැනීමට අද (01දා) සවස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් කැඳවා තිබේ. මේ සඳහා පක්ෂයේ අනුශාසකවරයෙකු වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද සභභාගි වීමට නියමිත බව වාර්තා වේ.
මෙතෙක් කලක් 15දෙනාගේ කණ්ඩායමේ පිරිස් මධ්‍යම කාරක සභා රැස්වීම වර්ජනය කළද, අද (01දා) දිනයේදී එම කණ්ඩායමද මධ්‍යම කාරක සභා රැස්වීමට සහභාගි වීමට නියමිතය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බව පවසමින් 15දෙනාගේ කණ්ඩායම මධ්‍යම කාරක සභා රැස්වීම වර්ජනය කිරීමට කටයුතු කළේය. මීට අමතරව ඒකාබද්ධ විපක්ෂයට එක්වීම හේතුවෙන් තනතුරු අහිමි වූ පිරිස් වෙත නැවත තනතුරු ලබාදීම කෙරෙහිද පක්ෂයේ අවධානය යොමුව තිබෙන බවත්, ඒ පිළිබඳ අද (01දා) දිනයේදී සාකච්ඡා කෙරෙනු ඇති බවත් එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් පවසා සිටියේය.
පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මධ්‍යම කාරක සභා රැස්වීම පැවැත්වේ.