දුරකතන සංවාද මගින් ශ්‍රී ලංකා පොලිස් සේවය අපකීර්තියට පත්කිරීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පොලිස් මූලස්ථානය වෙත මාරුකර රාජකාරී වැඩ තහනමකට ලක්කළ බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
ශානි අබේසේකර මහතාට ඇති චෝදනා සම්බන්ධයෙන් වහාම මූලික විමර්ශනයක් සිදුකර සති දෙකක් ඇතුළත ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත වාර්තා කරන ලෙස වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට පොලිස් කොමිෂන් සභාව දැනුම් දී ඇත.