අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතා අද (16දා) දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට අභියාචනාධිකරණය කටයුතු කළේය.
ගම්පහ මහාධිකරණයෙන් ඇප ලබාදීම ප්රතික්ෂේප කිරීමට එරෙහිව ශානි අබේසේකර මහතා අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ ඇප අයදුම සලකා බලමින් මෙම ඇප ලබාදීම සිදුකෙරිණි.
ඔහුට අමතරව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් මහතාද අප මත මුදා හරිනු ලැබීය.