ඇමෙරිකානුවන් මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීමේ පියවර (මුඛ ආවරණ පැලඳීම, අත් සේදීම, සමාජ දුරස්ථභාවය) අනුගමනය නොකරන්නේ නම් මෙම ශීත සෘතුවේදී එරට කොවිඩ්-19 ආශ්රිත මරණ සංඛ්‍යාව ලක්ෂ 4ක් පමණ වනු ඇතැයි වෛද්‍ය ඇන්තනී ෆවුසි පවසයි.
එක්සත් ජනපදයේ බෝවන රෝග පිළිබඳ ප්‍රමුඛතම විශේෂඥයා වන වෛද්‍ය ෆවුසි ඇමෙරිකානු විශ්වවිද්‍යාල සිසුන් සමග පැවති සාකච්ඡාවකදී සඳහන් කළේ, දැනටමත් මරණ 210,000ක් ඉක්මවා අත්විඳ ඇති ඇමෙරිකාවට මෙම සෞඛ්‍ය පුරුදුවලින් බැහැරව සිටියොත් මරණ 400,000ක් මියයෑම අරුමයක් නොවනු ඇති බවයි.
"දැනට පවතින ආකෘතිවලින් අපට පෙන්නුම් කෙරෙන්නේ ශීත සෘතුවේදී අප මේ කතා කරන සෞඛ්‍ය පුරුදු අප අනුගමනය නොකරන්නේ නම් ලක්ෂ මරණ 400,000ක් දක්වා ඉහළ යන ඛේදවාචකයකට අපට මුහුණ දීමට සිදුවෙනවා" ෆවුසි සඳහන් කළේය.
මුඛ ආවරණ පැලඳීම, සමාජ දුරස්ථභාවය පැවැත්වීම, නිතර අත් සේදීම සහ ගෘහස්ථව පිරිසක් සමග රැඳී සිටිනවා වෙනුවට හැකි තරම් එළිමහනක සිටීම වැනි සරල පියවර අනුගමනය කිරීමට වෛද්‍ය ෆවුසි සෑම කෙනෙකුටම උනන්දු කළේය.