මෙවර යල කන්නයේදි නාඩු වි කිලෝවක් සදහා රුපියල් 43ක් හා සම්බා වි කිලෝවක් සදහා රුපියල් 46ක සහතික මිලක් ලබා දිමට රජය පියවර ගෙන ඇති බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මාතලේ දිස්ත්‍රික්කයේ 2018 වසරේ යල කන්නයේ වගා හානි වු ගොවින් 1082 දෙනෙකු සදහා වන්දි ප්රදානය කිරිමේ උත්සවයට සහභාගි වෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා කියා සිටියේ පසුගිය කන්නයේදි නාඩු වි කිලෝවක් රුපියල් 38කට හා සම්බා කිලෝවක් රුපියල් 41කට මිලදි ගනු ලැබුවත් මෙවර ගොවියා සදහා හොද මිලක් ලබා දිමට රජය පියවර ගෙන ඇති බවයි.
2017 දි වන්දි වශයෙන් අපි ගොවින්ට රුපියල් බිලියන 5.2ක මුදලක් ලබා දි තිබේ.
2018 දි අස්වැන්න විශාල ලෙස වැඩි වු බවත් , වත්මන් රජය ජනතවාට පොහොර සහනාධාරය මෙන්ම අනෙකුත් පහසුකම් විශාල ප්‍රමාණයක් ලබා දුන් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. නව වගා රක්ෂණය සහ නියමිත ලෙස ජලය ලබා දිම වැනි කරුණු නිසා ගොවියා රජය කෙරෙහි තිබු විශ්වාසය වැඩි වු බවද අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් පැවසිය.