ඉතිහාසයේ වැඩිම වී අස්වැන්නක් මෙවර ලැබී තිබෙන බවත් ඉදිරියේදී තවදුරටත් ඒ තත්ත්වය වර්ධනය කර ගැනීම සඳහා කෘෂිකර්මාන්තය හා වී වගාව නවීකරණය කිරීමට ආණ්ඩුවේ අවධානය යොමු කර තිබෙන බවත් අද (07දා) අනුරාධපුරයේ පැවැති අලුත් සහල් මංගල්‍යට එක්වෙමින් පැවසීය.
වාරිමාර්ග හා කෘෂිකර්මාන්තය නඟාසිටුවීම වෙනුවෙන් වත්මන් රජය විශාල මුදලක් වැය කළ නිසා මෙවර වී අස්වැන්න මෙට්‍රික් ටොන් තිස් ලක්ෂයක් දක්වා වැඩි කර ගැනීමට හැකි වූ බවත් කෘෂිකර්මාන්තයෙන් වැඩි ආදායමක් ලබාගැනීමට හැකි වන පරිදි දියුණු කරන බවත් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස පැවැති අලුත් සහල් මංගල්‍යය උත්සවයට මහා සංඝරත්නය ප්රමුඛ රජයේ මැතිඇමැතිවරු, ගොවි ජනතාව, විවිධ දේශපාලනඥයින් හා දිවයිනේ ප්‍රදේශ රැසකින් පැමිණි බැතිමත්හු විශාල පිරිසක් සහභාගීව සිටියහ.
වාරිමාර්ග වෙනුවෙන් අපේ රජය විශාල වශයෙන් මුදල් වෙන් කර තිබෙනවා. 2003 වසර වන විට ශ්‍රී ලංකාව සහලින් ස්වයංපෝෂිත රටක්. නමුත් පසුගිය කාලයේ පැවැති දැඩි නියගය නිසා ප්‍රදේශ ගණනාවකට ගොවිතැන් කිරීමට නොහැකි වුණා. නමුත් අවසානයේ දෙවියන්ට පින්සිඳු වෙන්නට නැවතත් අහස් ජලය අපට ලැබෙමින් පවතිනවා.
මෙවර සහල් අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂ 30 ක් පමණ වනවා. කන්නයකට වැඩිම අස්වැන්නක් ලැබූ වසර මේ වසර බව පැවසිය යුතුයි. එම නිසා දෙවියන්ට පිං දෙනවා සේම වගාවට මහන්සි වූ ගොවියන්ටත් ස්තූතිවන්ත විය යුතුයි.
එම ගොවීන් නොමැති නම් මෙවැනි අස්වැන්නක් ලබාගත නොහැකියි. කෘෂි කර්මාන්ත අමාත්‍යංශය, ගොවිජන සේවා ආයතන, පළාත් සභාවේ කෘෂි කර්මාන්ත අමාත්‍යංශය ආදී සියලූ ආයතනවල නිලධාරීන්ටත් ස්තූතිවන්ත විය යුතුයි. ඒ වගේම පී. හැරිසන් ඇමැතිතුමාටත්, හිටපු කෘෂි කර්මාන්ත අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමාටත්, මහින්ද අමරවීර ඇමැතිතුමාටත් ස්තූතිවන්ත විය යුතුයි.
මේ වනවිට දේශගුණය විටින් විට වෙනස් වෙනවා. එම නිසා වෙනස් වුණු දේශගුණයට අනුව ගෙවිතැන් කිරීමටත් කටයුතු කළ යුතුයි. පිලිපීනය වැනි රටවල් වල අඩු ජල භාවිතය හරහා ගොවිතැන් කරන ක්‍රම සොයා ගෙන තිබෙනවා. මෙවැනි ක්‍රම හරහා කෘෂි කර්මාන්තය දියුණු කළ යුතුයි. ඒ අනුව ඉදිරියේදී වී ගොවිතැනේ නවීකරණයක් සිදු කිරීමට ආණ්ඩුවේ අවධානය යොමු කර ඇති බව පැවසිය යුතුයි.”