වී මිල පහළ වැටීමට හේතුව සහල්වලට පාලන මිලක් දැමීම බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය. අද (27දා) පොලොන්නරුව අරලගංවිල පිඹුරත්තෑව ප්‍රදේශයේ දී ජන හමුවකදී ඔහු මේ බව පවසා සිටියේය.
“ අද වී මිල පහත බැහැලා. කොහොමද වී මිල පහත වැටුණේ වී මිල පහත වැටෙන්න හේතුව ඇයි? වී මෝල් මාපියාව මාපියාව කියලා කෑ ගැහුවා කට්ටියක්. මතකනේ කව්ද කෑ ගැහුවේ කියලා.
දැන් මාස තුන හතරකට කලින් මාධ්‍ය තුළින් දැක්කා නේද ඒ කෑ ගහන හින්දා රජයට සිද්ධ වුණා සහල් මිලට පාලන මිලක් දාන්න.
සහල්වලට පාලන මිලක් දාපු වහාම වී මිළ පහතට වැටුණා.ඒ නිසා වීමෝල් මාපියාව කියල කෑ ගහපු මිනිස්සු දැන් වගකියන්න ඕනේ,මේ වී මිල පහත වැටීම පිළිබඳව. සාමාන්‍යයෙන් සහල් වලට පාලන මිලක් දාපු ගමන්ම වෙන්නේ,වී මිල පහත වැටෙනවා ඕක තමයි ඇත්ත තත්ත්වය.
දැන් ගොයම් කපන කාලය රට හැම තැනම.දැන් ප්‍රශ්නයක් මතු වෙලා තියෙනවා මේ පිළිබඳව මම ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් අවධානය යොමු කරනවා.මේක රජයේ වැරද්දක් නෙමේ රජයේ අඩුපාඩුවක් නෙමෙයි
පොලොන්නරුව ඉන්න මට බැන බැන යන සුදු මහත්තයා කෑගගහා යන , ඒගොල්ලන්ට දිගින් දිගටම කෑගැහුවේ මාපියාව මාපියාව කිය කියා,ඒ නිසා තමයි සහල්වලට පාලනය මිල දැම්මේ දැන් ඉතින් වී මිල වැටිලා. ඉතින් මේක තේරුම් ගන්න කවුද කෙරුවේ කියලා තව ඡන්දෙත් ඉල්ලනවා.”