මේ රටේ කෘෂි ක්ෂේත්රය දියුණු කිරීම සඳහා ඕනම මට්ටමක ආනයනික දෑ අධෛර්ය කරන්න බදු වැඩි කරන්න කටයුතු කරන බවත් ගොවි ජනතාව වෙනුවෙන් දිය හැකි උපරිම සහන ලබාදීමට කටයුතු කරන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේය.
අම්බලන්තොට මුලන ප්‍රද්ශයේ පැවති වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.
''ගොවි ජනතාවට කිසියම් ආණ්ඩුවක් පසුගිය කාලෙ සහන ලබාදීලා තියෙනව නම් ඒ සියලුම කාලවලට වඩා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගෙ ආණ්ඩුවෙන් සහන ලබාදීලා තියෙනවා. අපේ මිනිස්සු වගා කරන එක නවත්තන්න හේතුව තමයි ගොවීන්ගේ අස්වනු වෙළඳපොළට එනකොට ඒවා රටින් ගෙන්වනවා.
අපේ ගොවීන්ගේ දේවල් තුට්ටු දෙකට ගන්නවා. ඒ නිසා අපේ මිනිස්සු වගා කරන එක අතහැරියා. නමුත් අපි දැන් ඒ සඳහා වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා.අපි සියලු වී මිල දී ගන්නවා. අපේ වී අස්වැන්න වැඩි වුණොත් පාන් පිටි ගේන එක පොඩ්ඩක් අඩු කරනවා.''
රාහුල් සමන්ත