වී අලෙවි මණ්ඩලයේ උතුරු පළාත භාර කළමනාකරු කිලිනොච්චියේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
47 හැවැරිදි සැකකරු වී මෝල් හිමියෙකුගෙන් රුපියල් ලක්ෂ 5ක් බලෙන් ලබා ගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
වී අලෙවි මණ්ඩලය සතු වී තොග සහල් මෝල් හිමියන්ට ලබාදීමේදී යම් ආකාරයකට අයථා ක්රියා සිදුවන බවට ලැබුණ තොරතුරු අනුව කරනු ලැබූ විමර්ශනවල අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
සැකකරු අද දිනයේදී කිලිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.