අගමැති රනිල් වික්රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව අද(04දා) දිනයේ පැය 11.00ක් පුරාවට අඛණ්ඩව විවාද කිරීමට නියමිතය.
විශ්වාසභංග යෝජනාව සම්බන්ධ ඡන්ද විමසීම රාත්රී9.00ට සිදුකිරීමට නියමිත අතර,යම් හෙයකින් රාත්රී9.00ට පෙර විවාදය අවසන් වුවහොත් ඒ අවස්ථාවේ සභාව අත්හිටුවීමටත්, යළි සභාව රාත්රී9.00ට රැස්කර ඡන්දය විමසීමටත් පක්ෂ නායකයන් තීරණය කර තිබේ.
ඒ අනුව අද පෙරවරු 10.00ට විශ්වාසභංග යෝජනා විවාදය ආරම්භ කෙරෙන අතර, දිවා ආහාර විවේකය සඳහා සභාව අත්හිටුවීමකින් තොරව රාත්රී9.00 දක්වා විවාදය සිදුකිරීමට නියමිතය.
විවාදය අවසානයේ අගමැති රනිල් වික්රමසිංහ මහතාට එරෙහිව සහ පක්ෂව ඡන්දය විමසීම රාත්රී9.00ට පැවැත්වේ. ඡන්දය මන්ත්රීවරුන්ගේ නමින් විමසීමටද පක්ෂ නායකයන් තීරණය කර තිබේ.
විශ්වාසභංග යෝජනාව විවාද කෙරෙන අද(03දා) දවස පුරා පාර්ලිමේන්තු සංකීර්ණය හා ඒ අවට විශේෂ කාර්ය බළකාය ඇතුළු පොලීසිය විසින් විශේෂ ආරක්ෂක රැකවරණයක් යෙදවීමටද තීරණය කර ඇත.
එමෙන්ම අද(04දා) දිනයේදීපාර්ලිමේන්තුවේ මහජන ගැලරිය පාසල් සිසුන්ට විවෘත නොකෙරෙන අතර, මහජන ගැලරිය සහ කථානායක ගැලරිය තෝරාගත් පිරිසකට සීමා කිරීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කළේය.