අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන ආ විශ්වාසංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් ආණ්ඩුවේ දරණ සියලු තනතුරුවලන් ඉවත්වීමට තීරණය කර ඇත.
අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි. ඒ සඳහා වන ඉල්ලා අස්වීමේ ලිපිද ඔවුන් ජනපතිවරයාට බාර දී ඇත.
එසේම මෙම පිරිස පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සිටිමින් ජනපතිවරයාට සහාය දැක්වීමටද තීරණය කර ඇත.
ඔවුන්ගේ තීරණය සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය කැමැත්ත ප්‍රකාශකර ඇති බවත් වාර්තා වෙයි.